Local News - දේශීය Posted on July 16, 2025, 05:23

භාතිය සදහටම සමු දෙයි

භාතිය සදහටම සමු දෙයි
පාපතරයකුගේ වෙඩි පහරට බිලි වී ලත් තුවාල නිසා අසාධ්‍යව දින 10කට වැඩි කාලයක් පශු වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලැබූ ‘භාතිය’ නමැති ප්‍රකට ඇත් රජු ඊයේ (15දා) පෙරවරුවේ මියගියේය.
ගල්ගමුව ඇත් පන්තියට අයත් ‘භාතිය’ වර්තමානයේ එම පරපුරේ සිටි ජනප්‍රියම ඇතා ලෙස නම දිනා සිටි අතර ගල්ගමුව, සියඹලන්ගමුව, අඹන්පොල යන ප්‍රදේශවල තම අණසක පතුරවමින් දිවි ගෙව්වේය.

පාපතරයකු විසින් තබන ලද වෙඩි පහරක් නිසා පෙර දකුණු පාදය දරුණු ලෙස ඉදිමී තුවාල ලබා සිටි භාතිය වම් පයට බර දී ඇවිදීම නිසා පෙර වම් පාදය ද ආබාධයට ලක්ව සිට සති 2ක පමණ සිට අඹන්පොල ගම්මානය ආශ්‍රිතව වතුර වළකට පැමිණ සිටි අතර ඒ වනවිට ‘භාතිය’ හොඬවැල උස්සා මුව තුළට ආහාර දමා ගැනීමේ අපහසුතාවකින් පසුවිය.
View All News