International - විදේශීය Posted on July 20, 2025, 02:20

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 34ක් ජීවිතක්ෂයට

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 34ක් ජීවිතක්ෂයට
පවතින අයහපත් කාලගුණය මෙම අනතුර ට හේතුව වී ඇතැයි වාර්තා වේ . අනතුර සිදුව ඇත්තේ එරට උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්ක ආශ්‍රිත පෙදෙසෙහිය .
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මෙම අනතුරින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුද අතුරුදන්ව තිබේ .

සංචාරක බෝට්ටුවෙහි ගමන් ගත් මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි වියට්නාම් පවුල් යැයි , විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

අනතුරින් තවත් පුද්ගලයින් 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර අතුරුදන් වුවන් සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවද එරට ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබේ.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන ආකාරයට අනතුරට පත්වන විට බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු ගමන් ගෙන ඇත .
එමෙන්ම , අනතුරින් මිය ගිය පිරිස අතුරින් 8 දෙනෙකු ළමුන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

Photo Gallery

View All News